
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ මිචිගන්හි ඔක්ස්ෆර්ඩ් පාසැලේ 2021 වසරේ සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් හතරදෙනකු ඝාතනය කළ නව යොවුන් වියේ සිටි දරුවකුගේ මව්පියන් ද එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් වසර15ක් දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
ඕක්ලන්ඩ් ප්‍රාන්ත අධිකරණය මගින් මෙලෙස දඬුවම් කර ඇත්තේ ජේම්ස් සහ ජෙනිෆර් ක්‍රම්බ්ලි යන දෙදෙනාටය.
ඔවුන් දෙදෙනා වෙඩි තැබීමේ සිදුවීමෙන් දින කිහිපයකට පසු ඩිට්‍රොයිට් ගබඩාවකදී අත්අඩංගුවට ගැනීමෙන් පසු වසර දෙකකට වැඩි කාලයක් සිරගත කර තිබිණි.
තම දරුවා විසින් සිදුකරන ලද සමූහ වෙඩි තැබීමකට සාපරාධී ලෙස වගකිව යුතු බවට අධිකරණයකින් තීරණය කරන ලද පළමු මව්පිය යුවළ ඔවුන් වේ.
මවට දඬුවම් නියම කිරීමට පෙර, ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ අධිකරණ විනිසුරු චෙරිල් මැතිව්ස් සඳහන් කළේ ජේම්ස් ක්‍රම්බ්ලි විසින් ඇගේ නිවසේ තුවක්කු මෙන්ම පතොරම් සඳහා අසීමිත ප්‍රවේශයකට ඉඩ තබා තිබූ බවටයි.
දඬුවම් නියම කිරීමට පෙර ජෙනිෆර් ක්‍රම්බ්ලි ද උසාවිය අමතමින් ප්‍රකාශයක් කර තිබිණි.
“මම අද මෙහි වාඩි වී සිටින්නේ හනා, ටේට්, මැඩිසින්, ජස්ටින් සහ 2021 නොවැම්බර් 30 වැනි දින විපතට පත් වූ සියලු දෙනාගේ පවුල් සඳහා මගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කිරීමටයි.ඔබේ සමාව ඉල්ලීමට තියා ඒ වෙත ළඟා වීමටවත් නොහැකි බව මම දන්නවා. නමුත් ඇති වූ වේදනාවට මගේ අවංක සමාව ප්‍රකාශ කිරීමට මම කැමතියි,” යනුවෙන් ජෙනිෆර් ක්‍රම්බ්ලි ප්‍රකාශ කර තිබේ.
“මගේ ජීවිත කාලය පුරාම මම මා තුළම සිරගෙදරක ජීවත් වනවා ,” යැයි ද ජෙනිෆර් ක්‍රම්බ්ලි ප්‍රකාශ කර ඇත.
මෙම දඬුවම් නියම කිරීම නියෝජනය කරන්නේ සමූහ වෙඩි තැබීමකට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ පැවති කතාවක අවසානයයි.
මව්පියන්ට මිනීමැරුම් චෝදනා එල්ල කිරීමේ නව නීති න්‍යායක් භාවිත කිරීමට අභිචෝදකයන් මෙහිදී පියවර ගෙන තිබුණේ ඔවුන් ගිනි අවියේ කොකා නොගස්සුව ද පාසල් වෙඩික්කරුවකුගේ මව්පියන් ලෙස බරපතළ අපරාධ චෝදනා එල්ල කරමිනි.
එකල 15 හැවිරිදි ඊතන් ක්‍රම්බ්ලි නිවසින් Sig Sauer 9mm ගිනි අවියක් ගෙනැවිත් ඔක්ස්ෆර්ඩ් පාසලේ දී වෙඩි තැබීමෙන් සිසුන් හතරදෙනකු මිය ගිය අතර තවත් හයදෙනෙකු සහ ගුරුවරයකු තුවාල ලබා තිබිණි.
දින කිහිපයකට පසු ඔහුගේ මව්පියන් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඝාතනවල ඔවුන්ගේ භූමිකාව වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කරන ලදී.
මිනීමැරුම් චෝදනා හතරක් සහ ඊට අදාළ වෙනත් චෝදනා 19ක් සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු ඊතන්ට පසුගිය වසරේදී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
නිශ්ශබ්දවීමට ඔහුගේ අයිතිය ඉල්ලා සිටින බව ඔහුගේ නීතීඥයන් නිසා ඔහු තම මව්පියන්ගේ නඩු විභාගවලට සාක්ෂි දුන්නේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart