
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙතෙක් ගෙවීගිය වර්ෂවල මාර්තු මාස සමග සැසඳීමේ දී මෙවර මාර්තු මාසය උණුසුමින් වැඩිම මාර්තුව ලෙස සටහන් වී තිබේ.
යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව පවසන්නේ ගෙවුණු මාස 10ක කාලයේ සෑම මාසයක්ම නව උෂ්ණත්ව වාර්තා පිහිටුවා ඇති බවයි.
පසුගිය වසරවල අදාළ මාස හා සසඳන විට, පසුගිය මාස 10න් සෑම එකක්ම වාර්තාගත ලෙස ලෝකයේ උණුසුම්ම මාස වශයෙන් ශ්‍රේණිගත කර ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව සිය මාසික ප්‍රකාශනයේ දක්වා තිබේ.
මාර්තු මාසයෙන් අවසන් වන මාස 12 දලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම මාස 12 කාල සීමාව ලෙස ශ්‍රේණිගත කර ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව පවසයි.
2023 අප්‍රේල් සිට 2024 මාර්තු දක්වා ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය 1850-1900 පූර්ව කාර්මික යුගයේ සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1.58කින් ඉහළ ගොස් තිබේ.
මෙවැනි වාර්තා මගින් පෙනී යන්නේ අපගේ දේශගුණය වේගයෙන් වෙනස් වන බව යැයි යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස නිරීක්ෂණ සේවාව පවසයි.
දැනටමත්, 1850 සිට මේ දක්වා දිවෙන ගෝලීය වාර්තා අනුව 2023 පෘථිවියේ උණුසුම්ම වසර විය.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි දේශගුණ විද්‍යාඥ ෆ්‍රෙඩ්රික් ඔටෝ පැවසුවේ ලෝකය උණුසුම් වීමේ ප්‍රධාන සාධකය පොසිල ඉන්ධන විමෝචනය බවයි.
මෙම විමෝචනය අඩු කිරීමට අපොහොසත් වීමෙන් ග්‍රහලෝකයේ උණුසුම දිගටම පවතිනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස වඩාත් දැඩි නියඟ, ලැව්ගිනි, ඉහළ උෂ්ණත්වයන් සහ අධික වර්ෂාපතනයක් ඇති වනු ඇතැයි ඔටෝ පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart