
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට වසර 40කට පෙර අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධූරය දැරූ තමා නිල නිවසින් නෙරපාහැරීමට අනුරාධපුර වත්මන් නාගරික කොමසාරිස්වරයා නිකුත් කර ඇති නෙරපා හැරීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණාරත්න යන අය මහාධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම ලබන ජූනි මස 7 දින අනුරාධපුර අංක 3 මහාධිකරණයේ විනිසුරු චින්තක ගුණසේකර ඉදිරියේ යළි කැඳවීමට අනුරධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කළාය.
මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ, අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස්වරයකු වන පියසේන කරුණාරත්න නාගරික කොමසාරිස් ධූරය හෙබවූ කාලයේ පදිංවිව සිටි නිල නිවසින් නෙරපාහැරීමට අනුරාධපුර වත්මන් නාගරික කොමසරිස් රුවන් විජේසිංහ නිකුත් කර ඇති නොතීසි නියෝගය අභියෝගයට ලක්කරමින් අනුරාධපුර මහධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේදීය.
හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණාරත්න පදිංවි සිටි නිල නිවසින් ඉවත් කිරීම සඳහා අනුරාධපුර වත්මන් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ පළාත් පාලන ආයතනවල නිල නිවාස සන්තකය ආපසු ගැනීමේ පනත ප්‍රකාරව නෙරපා හැරීමේ නොතීසියක් මීට පෙර නිකුත් කළේය.
පසුව එකී නෙරපීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් එම නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණරත්න අනුරාධපුර මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර ඇත.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ අනුරාධපුර වත්මන් නාගරික කොමසාරිස්වරයා සහ අනුරාධපුර මහ නගර සභාව වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු පැවසුවේ අනුරාධපුර හිටපු නාගරික කොමසාරිස් (පියසේන කරුණාරත්න) ඇතුළු තවත් පෙත්සම්කරුවන් කිහිපදෙනකු ඔවුන් පදිංචිව සිටි නිල නිවාසවල පරම සන්තකය ඔවුන්ට පවරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
එමෙන්ම අනුරාධපුර නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා අධිකරණයට අපහාස කර ඇති බව පවසමින් හිටපු නාගරික කොමසාරිස් පියසේන කරුණාරත්න යන අය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ නඩුවක්ද අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද කුරුප්පු අධිකරණයට අවධාරණය කළේය.
මීට වසර 40කට පෙර අනුරාධපුර නාගරික කොමසාරිස් ධූරය දැරූ පියසේන කරුණානාරත්න යන අය සිය ධූරයේ බලය භාවිත කරමින් ඔහු පදිංචිව සිටි නිල නිවසට අයිතිවාසිකම් පෑමට හැකි වන පරිදි ලිපි ලේඛන සකසා ඇති බවටද නීතිඥවරයා චෝදනා කළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart