
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ අධ්‍යාපනය සඳහා විදේශීය සිසුන්ගේ ඇති ආකර්ශනය අඩුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ අධ්‍යාපනය සඳහා සංවර්ධිත රටවලින් පැමිණෙන සිසුන් සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් පහළ ගොස් ඇති බවයි.
එලෙස සිසුන් චීනයට පැමිණීම සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති රටවල් අතර අමෙරිකාව ප්‍රමුඛයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි දශකයකට පමණ පෙර චීනය තුළ වසරකට අමෙරිකාවෙන් පැමිණි සිසුන් 15,000 ක් පමණ සිට ඇත.
එහෙත් 2023 වර්ෂයේදී එම සංඛ්‍යාව 350 ක් පමණ දක්වා පහළ වැටී ඇතැයි අනාවරණ වී තිබේ.
එමෙන්ම චීනයේ අධ්‍යාපනය ලබන දකුණු කොරියානු සිසුන් සංඛ්‍යාව ද 2017 වසරේ සිට සියයට 78 කින් පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊට හේතුව වන්නේ හුදෙක් කොරෝනා නීති නොවන බව චීනයේ අධ්‍යාපන විශේෂඥයින් පෙන්වා දෙයි.
චීනයේ ඉගෙනීමට විදේශීය සිසුන් අතර ඇති අකැමැත්ත, කඩා වැටෙමින් ඇති ආර්ථිකය සහ ඒ හේතුවෙන් විදේශීය සමාගම් චීනයේ ආයෝජන අඩු කිරීම වැනි හේතු ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි ඔවුන් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart