
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරාබි මුහුදේ දී පැහැරගත් වෙළඳ යාත්‍රාවක් සහ එහි කාර්ය මණ්ඩලයේ 17 ගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් බල්ගේරියාව ඉන්දීය නාවික හමුදාවට ස්තූතිය පළ කර තිබේ.
එලෙස මුදා ගත් පිරිස අතර බල්ගේරියානු ජාතිකයින් 07 දෙනෙකු ඇතුළත්.
බල්ගේරියානු විදේශ අමාත්‍ය මරියා ගේබ්‍රියෙල් පැවසුවේ සිය රට වැසියන් මුදා ගැනීම සම්බන්ධයෙන් තමන් රජය වෙනුවෙන් ඉන්දියාවට කෘතඥතාව පළ කරන බවයි.
එහිදී ඉන්දීය නාවික හමුදාව දැක්වූ සහයෝගය විශිෂ්ඨ බව ද ඇය ප්‍රකාශ කර ඇත.
එමෙන්ම අරාබි මුහුදේ දී කොල්ලකරුවන් විසින් සිදු කරන පැහැර ගැනීම්වලට එරෙහි මෙහෙයුම් සඳහා ඉන්දියාවට සහයෝගය දක්වන බව ද ඇය ප්‍රකාශ කර තිබේ.
එම බල්ගේරියානුවන් පිරිස සිට ඇත්තේ ඉන්දියාව විසින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදා ගනු ලැබූ එම් වී රුවේන් නෞකාවේයි.
ඉන්දියාව විසින් අරාබි මුහුදේ ක්‍රියාත්මක කර ඇති මුහුදු කොල්ලකෑම් විරෝධී ‘සංකල්ප්’ මෙහෙයුමට සමගාමීව එම නෞකාව සහ කාර්යය මණ්ඩලය මුදා ගැණුනි.
සෝමාලියානු කොල්ලකරුවන් විසින් නෞකාව පැහැර ගෙන තිබුණේ ඉකුත් දෙසැම්බර් මාසයේදියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart