March 18, 2024

ඩුබායි හි රැඳී සිටින පාතා­ලයේ සාමා­ජි­ක­යකු වන අග­ම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ නිව­සට පසු­ගිය 14 වැනිදා අලු­යම් කාලයේ දී යතු­රු­පැ­දි­ය­කින් පැමිණි දෙදෙ­නකු විසින් ටී 56 අවි­ය­කින් වෙඩිතබන අව­ස්ථාවේ දී ඒ ගැන දැනුම් දෙමින් 119 පොලිස් හදිසි ඇම­තුම් අංශ­යට ලද දුර­ක­තන ඇම­තුම ගැන අම්බ­ල­න්ගොඩ මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා දැනු­වත් කිරී­මට කට­යුතු නොකි­රීම සම්බ­න්ධ­යෙන් අම්බ­ල­න්ගොඩ පොලි­ලියේ නිල­ධා­රීන් දෙදෙ­නෙකුගේ වැඩ තහ­නම් කිරී­මට ඇල්පි­ටිය කොට්ඨා­ස­ය­භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා පිය­වර ගෙන තිබේ.

මෙසේ වැඩ තහ­නම් වී ඇත්තේ පෙර දින සිට රාත්‍රී සේවයේ නිර­තව සිටි පොලිස් කොස්තා­ප­ල්වරු දෙදෙ­නෙ­කු­ගේය.

අම්බ­ල­න්ගොඩ ඉඩ­ම්තොට පිහිටි නිව­සට වෙඩිතබන අව­ස්ථාවේ දී එම නිවසේ සිටි සමන් කොල්ලාගේ බිරිය විසින් 119 ‍‍ෙපාලිස් හදිසි ඇම­තුම් අංශ­යට සිය නිව­සට කිසි­යම් පිරි­සක් විසින් වෙඩි තබන බව පවසා ඇත.

119 හදිසි ඇම­තුම් මධ්‍ය­ස්ථා­නය විසින් ඒ බව ඇපලෝ 15 සන්නි­වේ­දන මධ්‍ය­ස්ථා­නය මඟින් ක්ෂණි­කව අම්බ­ල­න්ගොඩ මූල­ස්ථාන පොලි­සිය දැනු­ව­ත්කර ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම අව­ස්ථාවේ දී අම්බ­ල­න්ගොඩ පොලි­සියේ දුර­ක­තන ක්‍රියා­කරු ලෙස සේවයේ නිර­තව සිට ඇත්තේ තුෂාර නමැති පොලිස් කොස්තා­ප­ල්ව­ර­යෙකි.

එසේම 119 හදිසි ඇම­තුම් අංශය ඇපලෝ 15 මධ්‍ය­ස්ථා­න­යෙන් නිකුත් කළ එම පණි­වු­ඩය වී.පී.එන්. පද්ධ­තිය මඟින්ද අම්බ­ල­න්ගොඩ පොලිස් ස්ථානය දැනු­වත් කිරී­මට පිය­ව­ර­ගෙන ඇත. එ

ම පණි­වු­ඩය ලැබෙන විට අම්බ­ල­න්ගොඩ පොලි­සියේ වී.පී.එන්. ක්‍රියා­කරු ලෙස සේවයේ නිර­තව සිට ඇත්තේ සමන් මංජු නමැති නිල­ධා­රි­යෙකි.

මෙම නිල­ධා­රීන් දෙදෙ­නාම වෙඩිතැබීම ගැන මූල­ස්ථාන පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­ර­යාව දැනු­ව­ත්කර නොමැති බව ඒ ගැන කළ විම­ර්ශ­න­ය­කින් අනා­ව­ර­ණය වී තිබේ.

එම නිල­ධා­රීන් දෙදෙ­නාගේ වැඩ තහ­නම් කර ඇත්තේ එබැ­වින් බව පොලි­සිය කියයි.(දිනමිණ)