
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව වැඩසටහනක් දියත් කර තිබේ.
මෙම වැඩසටහන පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා ගෙයින් ගෙට ව්‍යාපාරයක් ද පැවැත් වුණු අතර ඊට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 250කට අධික පිරිසක් සහභාගී වුහ.
ඒ වෙළෙඳපොළේ දේශීය ලොකු ළූණු හිඟය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ළූණු සිල්ලර මිල රුපියල් 800 දක්වා ඉහළ යෑමත් සමඟය.
ළූණු වගාව අත්හැර දැමූ ගොවීන් නැවත වරක් වගාව සඳහා යොමුකරවීම මෙම වැඩසටහනේ අරමුණ විය.
සීගිරිය රංගිරිගමින් ආරම්භ වූ වැඩසටහන දඹුල්ල සීගිරිය, ගලේවෙල, නාඋල්ල ඇතුළු ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය.
කෙසේවෙතත්, ගොවීන් පෙන්වා දුන්නේ ළූණු සඳහා ස්ථාවර මිලක් නොමැති බැවින් සහ තම නිෂ්පාදන පිරිවැය ආදායම ඉක්මවා යෑම හේතුවෙන් තමන් දේශීය ලොකු ළූණු වගාවෙන් ඈත් වූ බවයි.
පොහොර සහ පළිබෝධනාශකවල මිල හේතුවෙන් තමන්ට ගොවිතැන් කිරීමට අපහසු වී ඇති බව ඔවුහු පවසති.
වගා වියදම් අඩුකර ගත හැකි අධ්‍යාපනික වැඩසටහන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවැත්විය යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ, පොහොර සහ වල්නාශක සාධාරණ මිලකට ලබා දෙන්නේ නම් සහ ළූණු කිලෝවක් සඳහා රුපියල් 200ක ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් දේශීය ළූණු වගාකිරීමට තමන් සූදානම් බව ගොවීන් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart