
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ රජ පවුල සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා දැඩි කතාබහක් හටගෙන තිබේ.
ඊට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුගේ බිරිඳ වන වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන්ගේ ඡායාරූපයක්.
කේට් කුමරිය හදිසියේ ශල්‍ය කර්මයකට භාජනයවීම හේතුවෙන් මාසයකට වැඩි කාලයක් පුරා ඇය ප්‍රසිද්ධියේ පෙනී නොසිටියාය.
එමෙන්ම ඇය උදරය ආශ්‍රිත ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව හැරෙන්නට එහි කිසිදු තොරතුරක් බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ජනමාධ්‍යයට නිකුත් නොකරන ලදී.
එවන් පසුබිමක් තුළ ඉකුත් දා යෙදී තිබුණු බ්‍රිතාන්‍යයේ මව්වරුන්ගේ දිනය වෙනුවෙන් කේට් මිඩ්ල්ටන් කුමරිය සිය දරුවන් තිදෙනා වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවිස් කුමරු සමග සිටිනා ඡායාරූපයක් කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කර තිබිණි.
එම ඡායාරූපය විලියම් කුමරු විසින් ලබාගන්නා ලද එකක් බවට ද වාර්තා පළවිය.
කේට් මිඩ්ල්ටන් කුමරිය දිගු කලක් නිහඬව සිටීම හේතුවෙන් අදාළ ඡායාරූපය ලොව පුරා ප්‍රසිද්ධියට ලක්වූ අතර ලොව ප්‍රමුඛ පෙළේ විදෙස් ජනමාධ්‍ය රැසක් විසින් එම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කරන ලදී.
එවන් පසුබිමක් තුළ ලොව ප්‍රමුඛ පෙළේ ජනමාධ්‍ය ආයතන කිහිපයක් එම ඡායාරූපය ඉවත්කර ගෙන තිබුණේ අදාළ ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බව පවසමින්.
ඒ සමග අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතාබහක් හට ගැණුනි.
ඡායාරූපය සංස්කරණය කර ඇති බවට සැකකෙරෙන ස්ථාන 02 ක් ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය මගින් රතු පැහැයෙන් රවුම් කර දක්වා තිබිණි.
ඒ අතර චාලට් කුමරියගේ වම් අතේ මැණික් කටුව ආසන්න ප්‍රදේශය සහ කේට් කුමරිය හැඳ සිටින ජැකට්ටුවේ වම් පැත්තේ කොටසක් විය.
කෙසේවෙතත් ඡායාරූපය සම්බන්ධයෙන් වන කතිකාවත දීර්ඝ වශයෙන් පැතිර යද්දී කේට් මිඩ්ල්ටන් කුමරිය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇත.
ඒ අනුව, ඇය පැවැසුවේ, අදාළ ඡායාරූපය තමන් විසින් සංස්කරණය කර ඇති බව හා ඒ සම්බන්ධයෙන් තමන් වගකීම භාරගන්නා බවයි.
ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් සමාව අයැද සිටින බව ද ඇය පවසා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
“බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් මෙන්, මම ඉඳහිට සංස්කරණය කිරීම අත්හදා බලමි. ඊයේ අප නිකුත් කළ පවුලේ ඡායාරූපය නිසා ඇති වූ කිසියම් ව්‍යාකූලත්වයක් සඳහා සමාව අයැදීමට මට අවශ්‍ය විය.” යනුවෙන් ඇය සිය X ගිණුමේ සටහන් කර තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශව දැඩි විරෝධයක් එල්ල කළ අතර රජ පවුලේ එවැනි ක්‍රියා පිළිකුලෙන් හෙළාදකින බව ද පවසා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart