
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුක්තිය මෙහෙයුම හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් හරහා දරුවන්ට සිදුවන යම් යම් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසයි.
ඒ අනුව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද දැනුම්වත් කර ඇත.
අනතුරුව ඇතැම් ස්ථානාධිපතිවරුන්ට ඍජුව අවවාද කළ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී දරුවන්ට පහරදීම්, බිය වැද්දීම් සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඇතැම් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart