
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය සියලු බන්ධනාගාරවල කර්මාන්ත පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
“මේ හරහා සිරගත වූ පුද්ගලයාට වගේම රටටත් විශාල වාසියක් ලැබෙනවා. සිරගතව සිටින කාලය තුළ රැඳවියන් වෙනුවෙන් රජයේ වියදම් සඳහා යම් මුදලක් උපයාදීමට රැඳවියන්ට හැකියාව ලැබෙනවා.” යැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සියලුම බන්ධනාගාරවල කර්මාන්ත ආරම්භ කිරීමට ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට මෙමගින් අවස්ථාවන් හිමිවන අතර, එම කර්මාන්ත පිළිබඳ පුහුණුව ලබන රැඳවියන් සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහතිකපත් පිරිනැමීමට නියමිත බව අදාළ නිවේදනයේ දැක්වේ.
“මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ ප්‍රධාන අරමුණ බන්ධනාගාරගතව සිටින රැඳවියන් රටට සමාජයට වැඩදායී පුද්ගලයකු බවට පත්කිරීමයි. බන්ධනාගාර පරිශ්‍රයේ කර්මාන්ත පිහිටුවීමට ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ආරාධනා කරනවා,” යැයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත.
සංවර්ධිත රටවල් බොහෝ විට ලාභ ශ්‍රම ප්‍රභවයක් ලෙස සිරගත ශ්‍රම බලකායක් භාවිතා කරන අතර, සාමාන්‍යයෙන් සිරකරුවන්ට ඔවුන් කරන වැඩ සඳහා වැටුපක් නොගෙවන බවද පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart