
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවෙසක සුරතලයට ඇතිකළ බැල්ලකට ගිනිතබා මරාදමුවේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
යක්කල පොලීසිය පවසන ආකාරයට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ඉඹුල්ගොඩ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකි.
ගම්පහ ඉඹුල්ගොඩ නිවෙසක සුරතලයට ඇතිකළ බැල්ලකට ඉකුත් 10 වැනිදා රාත්‍රි කාලයේ කිසියම් පුද්ගලයකු අසල්වැසියකු ගිනිතබා ඇති අතර, බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ බැල්ල හිමිකරුවන් විසින් සත්ව රෝහලකට රැගෙන යන අතරමඟ දී මියගොස් තිබිණි.
අසල්වැසි සැකකාර පුද්ගලයා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් නිවෙසෙහි ඇති කරන අයකු වන අතර එම සුනඛයන් සමඟ මෙම සුනඛ ධේනුව ලිංගිකව හැසිරුණැයි උරණ වීම හේතුවෙන් මෙලෙස ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි.
ඝාතනය වූ සුනඛ ධේනුවගේ හිමිකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව විමර්ශන කළ පොලිස් නිලධාරිහු සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart