
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ලියාපදිංචි සියලුම ඖෂධ සමාගම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බවයි.
ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට සම්බන්ධ සමාගමට ඖෂධ සැපයූ සෙසු සමාගම් සම්බන්ධයෙන්ද එහිදී වැඩි අවධානයක් යොමුකරන බව පොලිසිය ප්‍රකාශ කරයි.
එම වංචාවේ විමර්ශනවලට අදාළව නීති උපදෙස් ලබාගැනිම පසුගියදා යළි සිදුකළ බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
මේ වන විට අදාළ ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යාංශය හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart