
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩොලර් හිගයක් පවතින අවස්ථාවක විදේශයෙන් එළවළු සහ පළතුරු ගෙන්වීමට රජය පසුගිය වසරේදීත් (2023) රුපියල් කෝටි 12,966ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට එළවළු ගෙන්වීමට ඊට කලින් වසරට සාපේක්ෂව පසුගිය වසරේදී රුපියල් කෝටි 1577ක් වැඩිපුර වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය.
පළතුරු ගෙන්වීමට රජය ගිය වසරේදී රුපියල් කෝටි 1,308ක් වැය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පාරිභෝජන භාණ්ඩ ආනයනයට පසුගිය වසරේදී රුපියල් කෝටි 99,321ක පමණ මුදලක් වැයකර ඇතැයි පැවසූ මහාචාර්යවරයා එය පෙර වසරේ වියදමට වඩා රුපියල් කෝටි 12,095 ක වැඩිවීමක් බවද පෙන්වාදුන්නේය.
ආහාරපාන වර්ග ආනයනයට පසුගිය වසරේදී රුපියල් කෝටි 55,166ක් අනෙකුත් පාරිභෝජන භාණ්ඩ ආනයනයට රුපියල් කෝටි 44,154 ක්ද වැයකර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර පසුගිය වසරේදී සීනි සහ රසකැවිලි ආනයනයට රුපියල් කෝටි 14,255ක්, කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට රුපියල් කෝටි 8,862ක් ද, කුළුබඩු ආනයනයට රුපියල් කෝටි 4,373ක් ද, තෙල් සහ මේද ආනයනයට රුපියල් කෝටි 4,305ක මුදලක් ද, ධාන්‍ය සහ ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා රුපියල් කෝටි 3,849ක් ද වැයකර ඇති බව හෙතෙම කීවේය.
පසුගිය වසරේ දී මුළු ආනයන වියදම රුපියල් කෝටි 549, 258ක් බව පවසන මහාචාර්යවරයා, ඉන් ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනයට රුපියල් කෝටි 153,924ක් වැය කර ඇතැයි ද සඳහන් ද කළේය.
එය මුළු ආනයන වියදමින් සියයට 28ක් බව ද ඔහු පැවසුවේය.
මේ ද්‍රව්‍ය බොහොමයක් රටේ නිෂ්පාදනය කර රටේ අවශ්‍යතාව සපුරා ඉතිරිය විදේශයට අපනයනය කර විදේශ විනිමය සොයාගැනීමට හැකියාව තිබූ නමුත් එවැනි වැඩ පිළිවෙළක් නැති බව නිරීක්ෂණය වූයේ යැයි වසන්ත අතුකෝරළ වැඩිදුරටත් සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart