
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සිදුකළ යුතු බවට විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හා සිවිල් සංවිධාන අතර සිදුවන බවත්, ඊට කිසිදු පක්ෂයකට විරුද්ධවීමට නොහැකි යැයි ඔවුන්ගේ තර්කය බවත් වාර්තා සඳහන් කරයි.
‘ඉරිදා මව්බිම’ මේ සම්බන්ධයෙන් ගෙනැවිත් තිබෙන වාර්තාවකට අනුව, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත ලබාගැනීම කිසිදු ගැටලුවක් නොවන බවට මෙම සාකච්ඡාවේදී අදාළ පාර්ශ්ව අවධාරණය කර ඇත.
ජනමත විචාරණයක් පවත්වා බහුතර ජනතාවගේ කැමැත්ත ලබාගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයාගේ විශ්වාසය බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ලබන මාර්තු මාසය වනතෙක් ගමන් කර අලුත් අවුරුදු නිමාවෙන් පසුව යම් ස්ථාවරත්වයක් රට තුළ ගොඩනැඟෙනු ඇති බව මෙම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ අදහස වේ.
ඉන්පසුව සමාජ කතිකාවක් ඇරඹිය යුතු බවට සාකච්ඡා කර ඇත.
පොදුජන පෙරමුණ, එජාප, සජබ, ජාජබ ඇතුළු සියලු පාර්ශ්වයන් ජනාධිපතිවරණ ගණනාවකදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව පොරොන්දු ලබාදීම හේතුවෙන් මීට විරුද්ධ වීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බවද අනාවරණය කර ඇත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සිදුකර ජනාධිපතිවරණය පවත්වනවාද? නැද්ද? එසේ නොමැතිව ජනාධිපතිවරණයෙන් පසුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද යන්න ගැන අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇත.
කෙසේවුවද, මෙය අවසන් ජනාධිපතිවරණය විය යුතු බව ඔවුන් විශ්වාසය පළකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart