
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියකු කොසුමිටකින් කළ පහරදීමකින් බන්ධනාගාර නියාමකවරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ එච්.ඩබ්ලිව්. මදුශංක යන බන්ධනාගාර නියාමකවරයායි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ රැඳවියන් කෑකෝ ගසන ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නියාමකවරයා එහි ගිය අවස්ථාවේදී රැඳවියා මෙලෙස කොසුමිටෙන් පහරදී ඇතැයි කියති.
පහර දීමෙන් නියාමකවරයාගේ දකුණු අතට තුවාල සිදු වී ඇත.
නියාමකවරයා කොළඹ ජාතික රෝහලේ අංක72 වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
නියාමකවරයාට පහරදුන් බව කියන රැඳවියාට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අලුත්කඩේ සහ මහව අධිකරණයේ නඩු තුනක් පවතින බව පැවැසේ.
සැකකරු වැල්ලම්පිටිය කැලණි නදීගම පදිංචිකරුවෙකි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart