
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ මෑත කාලීන ගැටුම්වලින් පසු පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි එහි ප්‍රතිපත්තිවල සැළකිව යුතු වෙනසක් ප්‍රකාශයට පත්කර තිබේ.
පුනරුත්ථාපනය සඳහා නුසුදුසු යැයි සැළකෙන පුද්ගලයන් මින් ඉදිරියට මධ්‍යස්ථානයට ඇතුළත් කර ගැනීමෙන් වළකින බවට කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතිඥා දී ඇත.
පසුගිය පෙබරවාරි 04 වැනිදා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී ගැටුම් ඇති කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් 34 දෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ප්‍රතිපත්ති වෙනස්කිරීම සිදුව තිබේ.
එතැන් සිට චෝදනා කිහිපයක් යටතේ මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කරයි.
තීරණාත්මක පියවරක් ලෙස කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට දායක වූ සියලුදෙනා ඉවත්කර තිබේ.
පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් යොමුකිරීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමේදී කල්පනාකාරීව කටයුතු කළ යුතු බව කොමසාරිස් ජනරාල් හෙට්ටිආරච්චි අවධාරණය කරයි.
පුනරුත්ථාපනය සඳහා සුදුසු අය පමණක් මධ්‍යස්ථානවලට ඇතුළත් කර ගැනීම සහතික කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart