
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවික හමුදාව ඊයේ (22) යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පළවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අනුයුක්ත නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රා යොදවා සිදුකර තිබේ.
මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයන් හයදෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart