
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුව රුපියල් කෝටි 07ක විදුලි බිලක් ගෙවීමට පැහැරහැර ඇතැයි ජනමාධ්‍ය සහ පුවත්පත් වාර්තා කර තිබුණද, තමා සොයාබැලූ ආකාරයට පාර්ලිමේන්තුවේ විදුලි බිල සෑම මසකම අඛණ්ඩව ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය විදුලි බිල සඳහාද කිසිඳු හිඟ මුදලක් නොමැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සියලුදෙනාට අගෞරවයක්වන ආකාරයට එවැනි ප්‍රකාශයක් සිදුකළ රන්ජන් ජයලාල් නමැත්තා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවා ඒ පිළිබඳව නීතිමය වශයෙන් කටයුතු කරන මෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඇමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart