
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව ගෝනගංආර පොලිසිය සිදුකරන ලද වැටළීමකදී යාල රක්ෂිතය තුළ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ 220 ක ප්රමාණයක් ඉකුත් ජනවාරි මස 21 දින අත්අඩංගුවට ගෙන ඇත.
යාල වන රක්ෂිතය තුල කිලෝ මීටර් 11 ක් පමණ දුරින් සුහන්දිරම්ආරු ප්රදේශයේ මෙම ගංජා වගාව සූක්ෂමව සිදුකර තිබේ.
යුද්ධ හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරකට අනුව පසුගිය ජනවාරි මස 18 දින සිදුකරන ලද තවත් වැටළීමකදී ගංජා කිලෝ 1570 ක ප්රමාණයක් පොලිස් භාරයට ගෙන තිබිණි.
එමෙන්ම එම වැටළීමෙන් අනතුරුව දින පහක් තුළ සිදුකරන ලද දෙවන වැටළීම මෙය වන අතර, මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ගෝනගංආර පොලිස් ස්ථානය සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart