January 22, 2024

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය වෙත නව නියෝග නිකුත් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා පවසා ඇත්තේ, කිසියම් සේවකයකු ඉල්ලා අස්වීම ලබාදෙන්නේ නම් පැකිළීමකින් තොරව පිළිගන්නා ලෙස තමන් ලංවිම කළමනාකාරීත්වයට උපදෙස් දුන් බවයි.

ආයතනයට ගෙවිය යුතු සියලුම මුදල් අයකර ගන්නා ලෙස ලංවිම කළමනාකාරීත්වයට ද උපදෙස් දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ආයතනයේ ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු කඩිනම් කරන ලෙස ලංවිම කළමනාකාරීත්වයේ අදාළ නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇත.

මෙම ප්‍රතිසංස්කරණවලට, පිරිවැය අඩු කිරීමේ යාන්ත්‍රණයන්, ජනන සැලැස්මේ හඳුනාගත් බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් ගෙවීම් වේදිකාව පුළුල් කිරීම සහ ගෙවීම් එකතු කිරීම් බාහිරින් ලබා ගැනීම ඇතුළත් බව ඔහු පවසයි.