January 22, 2024

ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට දකුණු ඉන්දීය ප්‍රකට නිළියන් කිහිපදෙනකු සහභාගී වී තිබේ.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් හැටන් ප්‍රදේශයේ පැවැති උත්සවයකදී මෙම පිරිස හින්දු උත්සවය සමරනු ලැබූහ.

දකුණු ඉන්දීය නිළියෝ වන අයිශ්වර්යා රාජේශ්, අයිශ්වර්යා දුත්තා, සම්යුක්තා මෙනන් සහ මීනක්ෂි(පිංකි සර්කාර්) මෙලෙස අදාළ උත්සවයට සහභාගී වූහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සහ ඇමැති ජීවන් තොණ්ඩමන් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.