
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධතා පැවැත් වූ සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබළකු බලපිටිය ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය උතුරු පළාත් විශේෂ වැටළීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, ඊයේ දින කහතුඩුව පොලිස් වසමේ උස්වත්ත ප්‍රදේශයේ දී වැටළීමක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්රැම් 18, මිලි ග්රැම් 470 ක් හා යුධ හමුදා නිල ඇඳුමි කොටස් හා නිල ඇඳුමි ආයිත්තමි සන්තකයේ තබාගෙන සිටි කහතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක සක්‍රීය සේවයේ යෙදී සිටින සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු පසුගිය වසරේ ජුනි 21 වන දින කොස්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ විජිත් මහේන්ද්රද සිල්වා නොහොත් ‘රන් මල්ලී’ යන පුද්ගලයා ඝාතනය කිරීමේ වෙඩ්ක්කරු ලෙස කටයුතු කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය විය.
එමෙන්ම පසුගිය 18 වන දින බලපිටිය ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදු කිරීම සඳහා සැලසුම් කල අත්අඩංගුවට පත් වූ සනත් යන පුද්ගලයා සමගද, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටී යන අයගේ ද සමීප සම්බන්ධතා පවත්වන ආධාරකරුවෙකු බවටත් අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart