
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු යැයි ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත.
එම අභියාචනය ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කර තිබේ.
සමාජ ක්‍රියාකාරිකයකුවන ඕෂල හේරත් අදාළ අභියාචනය ගොනුකර ඇත්තේ, ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහු ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කිරීමෙන් සති දෙකකට පසුවය.
තමාගේ අභියාචනයේ වගඋත්තරකරු ලෙස රාජ්‍ය ඇමැතිවරිය ඇතුළු කිහිපදෙනෙකු නම් කරමින් ඕෂල හේරත් පවසා ඇත්තේ, ද්විත්ව පුරවැසිභාවය ද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තමන් මීට පෙර පෙත්සමක් ගොනුකළ බවයි.
කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් 2023 ඔක්තෝම්බර් 31 දින බෙදුම් තීන්දුවක් ලබාදුන් අතර, ගාස්තුවකට යටත්ව පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, අභියාචනාධිකරණ තීන්දුව නීත්‍යානුකූල නොවන බවත්, රාජ්‍ය ඇමැතිවරිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවටත් පවසන ලෙස ඉල්ලා, ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම ඇපෑල ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart