
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වූ ප්‍රධාන සැකකරු අනුමැතියකින් තොරව ගුද මාර්ගයේ මහබඩවැල ආශ්‍රිත පිළිකා රෝග, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථ පෙණහලුවලට අදාළ පිළිකා සඳහා වූ ඖෂධ, අක්ෂි සම්බන්ධ ශල්‍යකර්මවලට යොදාගන්නා උපකරණ, රුධිරය කැටි ගැසීමේ පිළිකා තත්ත්වයන්ට අදාළ ඖෂධ සහ උපකරණ නිවැරදි නොවන දත්ත ඇතුළත් කර ගෙන්වා ඇති බවත්, ඊට අදාළ මුදල් වෛද්‍ය සැපයීම් අංශයෙන් ගෙවා ඇති බවත්, එම ගෙවීම්වලට අදාළව විමර්ශනයක් පැවැත්වෙන බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කරුණු දක්වමින් පෙරේදා (13) සඳහන් කළාය.
එසේම මේ ඖෂධ දිවයින පුරා රෝහල්වල පවතින්නේ නම් ඒවා නැවත ප්‍රතිකාර සඳහා යොදානොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඒවා එකතු කර අදාළ පරීක්ෂණ සඳහා ගෙන්වා දෙන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමට අදාළ නඩුවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මේ බව සඳහන් කළාය.
ස්නායු රෝගීන්ට දෙන හියුමන් ඉමියුනොග්ලොබියුලින්වලට අමතරව රිටොක්සිමැබ් නමැති එන්නතත් සැකකරු නීතිවිරෝධී ලෙස සැපයුම් කර ඇති බවත්, ඊට අදාළ මුදල් කඩිනමින් ගෙවන ලෙස හිටපු සෞඛ්‍ය ලේකම් ඔහුගේ අත්අකුරින් අත්සන් යොදා අවස්ථා තුනකදී වෛද්‍ය සැපයීම් අංශයට දැනුම් දී ඇති බවත්, එම එන්නත් දෙක සඳහා ඉමියුනොග්ලොබියුලින් එන්නත සඳහා රුපියල් මිලියන 36ක් ද රිටොක්සිමැබ් සඳහා රුපියල් මිලියන 107ක් ද ගෙවා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.
වෛද්‍ය සැපයීම් අංශය රිටොක්සිමැබ් රුපියල් ලක්ෂ 107 ගෙවා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය අධිකරණයට දන්වා සිටියාය. දැනට ඔහුගේ ගිණුමේ ශේෂය 17334.00ක් පමණක් බවත්, මේ මුදල් ගත්තේ කවදාද, බැරවීම් හරවීම්වලට අදාළ විස්තර වාර්තා දීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, ඊට අදාළ නියෝග නිකුත් කෙරිණි.
සෞඛ්‍ය ලේකම්වරයා මේ සිද්ධියට අදාළව අනුමැතිය දුන්නේ කුමන පදනමකින් ද, ඉක්මණින් ගෙවීමට උපදෙස් දුන්නේ ඇයිද යන්න විමර්ශන සිදුකරන බව පැවසූ නීතිපතිවරයා ආදර්ශ අත්සන් සහ අත්අකුරු පරීක්ෂා කිරීමට සහාය ලබාදෙන ලෙසත්, සිදුකළ අධිකරණ නියෝග ප්‍රකාරව හිටපු සෞඛ්‍ය ලේකම්වරයා පසුදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත් ගිරිහාගම අධිකරණයට දන්වා සිටියාය.
සැකකරු නීති විරෝධී අයුරින් උපයා ගන්නා මුදල් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අධ්‍යක්ෂ මූල්‍ය වත්කම් විමර්ශන ඒකකයට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිදුකළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය පළමු සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු යන අයට අයත් පරීක්ෂණාගාරයේ නියැදි පරීක්ෂා කර වාර්තා සකස් කරන තෙක් සුදුසු පරිසර තත්ත්ව යටතේ එම එන්නත් තොගය රඳවා තබන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා සිදුකළ ඉල්ලීමට අවසර ලබාදුන්නාය.
මේ ප්‍රශ්නගත එන්නත් දිවයින පුරා රෝහල්වල ඇත්තේ නම් ඒවා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් එන්නත් දෙක සම්බන්ධයෙන් ක්ෂුද්‍ර ජීවී විශේෂඥවරුන්ගේ සංගමය, පිළිකා රෝගීන්ගේ සංගමය, ඖෂධ විශේෂඥවරුන්ගේ සංගමය යන සංගම් තුනෙන් විශේෂ කමිටුවක් පසුගිය දෙසැම්බර් මස 05 වැනි දින පත්කරන ලෙස යෝජිත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් විශේෂඥ වාර්තාවක් කැඳවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පෙර නඩු දින අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමට පිළිකා විශේෂඥවරුන්ගේ සංගමය පමණක් පිළිතුරු දී නැති බැවින් ඉදිරි දින අධිකරණයේ පෙනීසිටින ලෙස ඔවුන්ට නියෝගයක් නිකුත් කරන්නැයි සිදුකළ ඉල්ලීමට අවසර ලැබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඇමැති මණ්ඩල පත්‍රිකාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලෙසද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart