
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචිකරුවන්ට විදුලිය සැපැයුම ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 11ක පාර්ශ්වීය ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබේ.
ඒ අනුව, එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව ඇගයීමට ලක් කර කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තුව U-Solar Clean Energy Solutions (Pvt) Ltd. සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart