
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ භාත්ඛණ්ඩ සංස්කෘතික විශ්ව විද්‍යාලයේ දෙසැම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත 13 වැනි උපාධි ප්රදානෝත්සවයේදී කතක් රන් පදක්කමක් දිනා ඇති මේ වසරේ එකම අන්තර්ජාතික ශිෂ්‍යාව වන්නේ ශ්‍රී ලාංකික 29 හැවිරිදි අම්රිතා ශ්වේතම්බරී විද්‍යාපතියි.
ඇය ඉපදී හැදී වැඩුණේ ශ්‍රී ලංකාවේ කෝට්ටේ ප්රදේශයේය.
ඇයට හින්දි භාෂාව අතිශයින් චතුර ලෙස හැසිරවිය හැකි අතර, කතක් නර්ථනය පිළිබඳව ද මනා පුහුණුවක් ලබා ඇත.
”මගේ වසර 10ක වෙහෙස මහන්සිය ප්‍රතිඵල ලැබුණා. රන් පදක්කම දිනූ එකම අන්තර්ජාතික ශිෂ්‍යයා මම වීම ගැන මම අතිශයින් සතුටු වෙනවා.
මම කලා පවුලකින් පැවත එන අතර, මම නර්තනය සහ සංගීතය ඇතුළු කලා වෘත්තියට සම්බන්ධ වූ මගේ පවුලේ නවවැනි පරම්පරාවයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම මුණගැහුණේ කතක් පන්තියකදී, ඒක මගේ ලේවල ගලාගෙන යනවා.”
ඇයගේ සියලු ගෞරවය භාත්ඛණ්ඩේගේ රුචි ඛාරේ වර්මා, මෝක්ෂ සමසූරිය සහ විහංග රුක්ෂාන් (ඇගේ ශ්‍රී ලංකා ගුරු) යන ගුරුවරුන් තිදෙනාට ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart