
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයට අයත් ඔත්තු බැලූනයක් තායිවාන සමුද්‍ර සන්ධිය ආසන්නයේ නිරීක්ෂණය වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
ඔත්තු බැලූනයට අමතරව චීනයට අයත් හමුදා ගුවන් යානා සහ නෞකා විශාල ප්‍රමාණයක් ද ගමන් කරන ආකාරය නිරීක්ෂණයට ලක් වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එම ඔත්තු බැලූනය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ උතුරු දෙසින් පිහිටි නගරයක් වන කීලුන්ග් සිට නිරිත දෙසින් ගමන් කළ බවත්, අතුරුදන්වීමට පෙර නැඟෙනහිර දෙසට ගමන් කළ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ.
එම බැලූනය ආසන්න වශයෙන් මීටර් 6,400ක් ඉහළින් ගමන් කර ඇතැයි වාර්තා වූවද, එය චීනයට අයත් ඔත්තු බැලූනයක් බවට තහවුරු කිරීමට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයට වැඩිදුර සාක්ෂි නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
පසුගිය සිකුරාදා පෙරවරු 6.00 සිට පැය 24ක් ඇතුළත චීන නෞකා 10ක් සහ හමුදා ගුවන් යානා 26ක් තායිවාන සමුද්‍ර සන්ධිය ආසන්නයේ ගමන් කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි ද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart