
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැවැන්ත මුහුදු රකුසකුගේ හිස් කබලක් ඩෝර්සෙට් හි ජුරාසික් වෙරළ තීරයේ ගල්පර අතරින් සොයාගෙන ඇත.
එය අයත් වන්නේ මීට වසර මිලියන 150 කට පමණ පෙර සාගර භීතියට පත් කළ දරුණු සාගර උරගයකු වන ප්ලියෝසෝරස් වර්ගයේ සත්වයකුට ය.
මීටර 2ක් දිග මෙම හිස් කබලේ ෆොසිලය මෙතෙක් සොයා ගෙන ඇති එම වර්ගයේ වඩාත්ම සම්පූර්ණ නිදර්ශකය ලෙස සැළකේ.
අලුත් අවුරුදු දිනයේදී BBC One හි විශේෂ වැඩසටහනකදී හිස් කබල ප්‍රසිධියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම හිස්කබල විශාල මිනිසකුට වඩා දිගු වන අතර, එමගින් සමස්තයක් ලෙස සත්වයා කෙතරම් විශාල වන්නට ඇත්ද යන්න පිළිබඳ හැඟීමක් ලබාදෙයි.
මෙම ප්ලියෝසෝරයා ඝාතන යන්ත්‍රයක් ලෙස සැළකෙන අතර මීටර් 10-12 ක් දිග, අධික වේගයෙන් ඉදිරියට යෑමට හැකියාව ඇති අත් පා හතරකින් යුක්ත වූ බවත්, එම සත්වයා සාගරයේ විසූ දරුණුම විලෝපිකයා බවත් පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart