
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිම්බා නම් සිංහයෙක් රෝමය කැළඹු සිදුවීමක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
රෝමයේ නගරයක මෙම කිම්බා නම් සිංහයා නිදැල්ලේ සැරිසැරීම හේතුවෙන් එහි ජනතාව භීතියට පත්ව ඇත.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ, පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ය.
බටහිර රෝමයේ ලැඩිස්පොලි නගරයේ මෙම සිංහයා සැරිසරා ඇති අතර, ඇතැම් පිරිස් එය පටිගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයත් බව පසුව හඳුනාගෙන ඇත.
පැය පහකට අධික කාලයක් සිංහයාව අල්ලා ගැනීමට ගත වී ඇති අතර, පසුව සිංහයාව නැවතත් භාරකරු වෙත ලබා දී ඇත.
සිංහයාගේ භාරකරු පවසා ඇත්තේ, පැය කිහිපයක් නිදැල්ලේ සිටියත් සත්ත්වයාගෙන් කිසිදු හානියක් සිදුවී නොමැති අතර, සිංහයා කූඩුවෙන් එළියට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart