
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් ඉවත්කර තිබේ.
එම ආයතනයට නව කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම තීරණය ගත් බව අගමැතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
ඒ අනුව, ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද, එහි සෙසු සාමාජිකයන් වන ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ, විදූර්සන් වින්සේන්ද්‍රරාජන්, එන්. ජී. එස්. එච්. එම්. නවුෂාඩ් හා දිනුක් හෙට්ටිආරච්චි මෙසේ සිය ධුරවලින් ඉවත්කර තිබේ.
එමෙන්ම එහි සාමාජිකයන් වූ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අනුරාධ විජේකෝන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිමාලි අනුෂා ජයකොඩි සහ මුදල් අමාත්‍යාංශයේ කේ.ඩී.අයි.එස්.කේ. සිරිවර්ධන ද අදාළ ධූරවලින් ඉවත්කර ඇත.
2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත යටතේ පැවැරී ඇති බලතල අනුව අගමැතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart