
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති වික්‍රමසිංහ යුද්ධයට සහාය නොදුන් නායකයෙක් මෙන්ම මහ බැංකුවේ මහ කොල්ලයක් සිදුවූ අවස්ථාවේදී ඇස් කන් පියාගෙන බලා සිටි නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
එමෙන්ම තමා එසේ පැවසීමට බිය නොවන බවද මහලේකම්වරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පෙරේදා (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.
අරගලය පැවති අවස්ථාවේදී රටේ නීතිමය ආධිපත්‍ය ආරක්ෂා කළහැකි සහ රට අරාජිකත්වයෙන් මුදාගත හැකි නායකයා කවුදැයි බලා පක්ෂය ඔහු තෝරාගත් බවත්, එම අවස්ථාවේදී සුදුසු නායකයා තෝරාගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් නිවැරදි තීරණයක් බවත්, ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විරුද්ධව කටයුතු කළ පිරිස්වලටද කැබිනට් ඇමැතිධූර ලබාදුන් විට පක්ෂය ඊට විරෝධය පළ නොකළ බවත්, රට වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එම අවස්ථාවේදී විශාල කැපවීමක් කළ බවත්, හෙතෙම පැවැසීය.
කවුරුන් මොනවා කළත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත්කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ජනාධිපතිවරයාට ඒ ගැන මතකයක් ඇතැයි සිතන බවත්, ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ගැටලු විසඳාගත හැකි බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගය නිර්මාණ කළේ මහින්ද රාජපක්ෂ බවත්, ගමේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවමත් සිටින බවත්, මහලේකම්වරයා සඳහන් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද වලට බයේ පැන ගිය පක්ෂයක් නොවන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart