
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනිඅවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇසෙන්ට් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මාලිංග ප්‍රනාන්දු අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ල ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ විභාගකර තිබේ.
එම පැමිණිල්ල ගොනුකර තිබුණේ, පින්නතැන්න ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගමේ කුමාර ධර්මසේන, ඇතුළු දොළොස්දෙනකුට එරෙහිවය .
එහි ඉදිරිපත්කර තිබූ කරුණු ගැන සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා නාරාහේන්පිට පොලිසියට නියෝග කළේ, සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර් ධර්මසේන ඇතුළු වගඋත්තරකරුවන් 12 දෙනකුට ඊයේ අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා පසුගිය නඩු වාරයේදී අධිකරණය මගින් නොතීසි නිකුත්කර තිබුණ ද, කුමාර ධර්මසේන විදේශගතව සිටීම හේතුවෙන්, ඔහු හැර සෙසු වගඋත්තරකරුවෝ ඊයේ අධිකරණය හමුවේ පෙනීසිටියහ.
පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සඳහන් කළේ , මෙම පිරිස නාරාහේන්පිට පිහිටි එම නිවසට ඇතුළු වූ බවට ඉකුත් අගෝස්තු 17 දින නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබුණත්, මේ සම්බන්ධව පොලිසිය නිසි අවධානයක් යොමුකර නොමැති බවයි .
පැමිණිලි පාර්ශවය මුලින් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුනොකර වගඋත්තරකාර පාර්ශවය ඉන් මාසයකුත් දවස් තුනකට පසුව කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පමණක් විමර්ශනය සිදුකළේ කුමන හේතුවක් නිසා ද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයා නාරාහේන්පිට ස්ථානාධිපතිවරයා හා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත.
එහිදී ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ,තම පොලිස් ස්ථානය කිසිදු පාර්ශවයකට පක්ෂපාතීත්වයකින් කටයුතු නොකළ බවත්, දෙපාර්ශවයක් අතර තිබුණ පැමිණිලි කිහිපයක් නිසා විධිමත් විමර්ශනයක් සිදුකිරීමට කිසියම් කාලයක් ගතවූ බවත් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart