
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයයේ ප්‍රතිකාර ලැබ සුවය ලැබූ පුද්ගලයන් 414 දෙනෙකු භාර ගැනීම ඔවුන්ගේ ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ ප්‍රකාශ කරයි.
මානසික ආබාධයන්ට ලක්ව සුවය ලබා සිටින ඔවුන් අතර කාන්තාවන් 322 දෙනෙකු ද, පිරිමින් 92 දෙනෙකු වන බව සදහන් වේ.
අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ, ඔවුන්ගෙන් ඇතැමුන් අවුරුදු 30ක 40 ක සිට රෝහල තුළ රැදී සිටින අතර ඔවුන්ගේ ලිපින සොයා ගියත් ඒවා ව්‍යාජ බව හෙළි වී ඇති බවයි.
මොවුන් 35ත් 90ත් අතර වයස්වල පසුවන බවත් මේ සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත් ඇය පවසා තිබේ.
විවිධ මානසික රෝගවලින් පෙළුණු මෙම රෝගීන් මේ වන විට සුවය ලබා සිටිය ද ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම කනගාටුදායක කරුණක් බව ද රෝහල් අධ්‍යක්ෂවරිය සදහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart