
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තුව, වරාය නගරය අවට, ගංගාරාම ඇතුළු කොළඹ නගරයේ මරමස්ථාන 07ක් ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ වෙත ඊයේ (05) කරුණු වාර්තා කර ඇතැයි දිනමිණ පුවත්පත අනාවරණය කරයි.
එම ප්‍රවෘත්තියට අනුව දැනට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම සැලසුම සැලසුම් කර ඇති බව ද කරුණු අනාවරණය වේ.
පල්ලෙකැලේ බන්ධනාගාරයේ රැඳවූවකු අදාළ ත්‍රස්තයන්ගේ සැලසුම සම්බන්ධයෙන් කරුණු දැනගෙන ඒ සම්බන්ධයෙන් සටහන් යොදා ගත් ලිපියක් තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසිකර ඇති බවට ද කරුණු අනාවරණය වේ.
බන්ධනාගාරගතව සිටින මෙම ත්‍රස්තයන් ජංගම දුරකතන හරහා කොළඹ නගරයේ ස්ථාන කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ සංවාදයට මෙම රැඳවියා සවන් දී ඇති අතර, පසුව එම ත්‍රස්තයන් විසින් මෙම රැඳවියාට ද පහරදී ඇත.
තමා දැනගත් සියලු තොරතුරු සමඟ නම් හා දුරකතන අංකය ද සඳහන් කළ ලිපියක් ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් පල්ලෙකැලේ සිට මහරට ගෙන යන අවස්ථාවේදී තැන්නේකුඹුර පොලිස් මුරපොළ වෙත වීසිකොට ඇත.
මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කරන ත්‍රස්ත විමර්ශන ඒකකය අදාළ රැඳවියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.
අදාළ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම අදාළ අධිකරණ බල ප්‍රදේශයට අයත් අධිකරණයකින් සිදු කරන ලෙසට නියෝග කළේය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart