
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මයිකල් ඇකියුලස් ද සිල්වා විදුලිසැර වැදී මරණයට පත්ව ඇත.
ගෙවත්තේ වගාකර ඇති එළවළු වගාවකට ආරක්ෂාව ලබාදීමට යොදා තිබූ විදුලි රැහැනක පැටළී ඔහු මෙලෙස මරණයට පත්ව ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.
නිවසේ ප්‍රධාන විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක ආධාරයෙන් මෙම විදුලි රැහැන ඇද ඇතැයි පොලිසිය අනාවරණය කරයි.
විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරයෙක් වන මයිකල් ඇකියුලස් ද සිල්වා පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදීම සඳහා රැකියාවෙන් ඉවත්ව සිට ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අඟහරුවාදා(05) ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart