
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 2 -1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් විය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ අද පැවති තුන්වැනි එක්දින තරගය ලකුණු 51කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 304ක් රැස් කළහ.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා ලකුණු 155ක් ලබා ගැනීමට සමත් විය.
එයට හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් ඇතුලත් විය.
ජයග්‍රහණය හඹා ගිය කොදෙව් යෞවනයින් ලකුණු 253කට සීමා කෙරුණි.
විශ්ව ලහිරු ලකුණු 48කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
දෙරට අතර පළමු යොවුන් ටෙස්ට් තරගය ලබන 5 වැනිදී දඹුල්ලේදී ආරම්භ වීමට නියමිතයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart