
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඔක්තෝබර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මහ කන්නය වෙනුවෙන් සෑම ප්‍රදේශයකම වී වගාව ආරම්භ කිරීමට ගොවීන් උනන්දු කළ යුතු බවට කෘෂිකර්ම ක්ෂේත්රයට සම්බන්ධ සියලුම දෙපාර්තමේන්තු තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
2023-2024 මහ කන්නය සහ 2024 යල කන්නය තීරණාත්මක කන්න දෙකක් විය හැකි බැවින්, දැනට පවතින එල්නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මහ කන්නයේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව අමාත්‍යංශය පවසයි.
දේශීය හා අන්තර්ජාතික කාලගුණ විද්‍යා මූලාශ්‍රවලට අනුව මීළඟ යල කන්නයේ දී වගා භූමි නැවත වියළි විය හැකි බවට නැවකි පළව ඇත.
එබැවින් සියලුම කෘෂිකාර්මික අංශවල දායකත්වය සමඟ වැසි ජලය අපතේ නොයවා නිසි ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති බව අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
කෘෂිකාර්මික ක්ෂේත්රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇත.
ඉදිරි මහ සහ යල කන්නයන්ට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙම වියලි කාලගුණ තත්ත්වය පිළිබඳව කල්වේලා ඇතිව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දෝෂාරෝපණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාවට අමතරව තවත් වගාවන් විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවත්, එය ජාතික ආහාර නිෂ්පාදනයට බලපෑම් එල්ල කර ඇති බවත්, සඳහන් වේ.
ප්‍රථම වරට සියලු පාර්ශ්ව එක්ව වගා කන්නයක් සැලසුම් කිරීමට දායක වියයුතු බව එම රැස්වීමේදී අදහස් දැක්වූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart