
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙට (30) සාමාන්‍ය පාසල් දිනයක් ලෙස පැවැත්වෙන බවත්, විභාග ඇතුළු සැලසුම් කර ඇති සියලුම පාසල් කටයුතු කිසිදු වෙනසකින් තොරව සිදු කෙරෙන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසයි.
අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, 2026 අධ්‍යයන වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ අවසන් සතිය හෙට දිනයෙන් ආරම්භ වන බවත්, පාසල් කටයුතු එළඹෙන දෙසැම්බර් 04 වැනිදායින් අවසන් වීමට නියමිත බවත්ය.
2026 වර්ෂය සඳහා පාසල් දින 197ක් මුලින් සැලසුම් කර තිබුණද, ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයන් සහ විභාග කල් දැමීම් නිසා මෙම වසරේ මුළු පාසල් දින ගණන 186ක් දක්වා අඩු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එබැවින් තවදුරටත් පාසල් දින අඩු කිරීමට කිසිදු ඉඩකඩක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
ඇතැම් පාසල්වල වාර අවසාන විභාග පැවැත්වෙන බැවින්ද, තවත් පාසල් විභාග අවසන් කර විෂය බාහිර ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති බැවින්ද, දෙසැම්බර් 04 වැනිදා වන විට සියලුම අධ්‍යයන වර්ෂ කටයුතු කිසිදු බාධාවකින් තොරව අවසන් කරන ලෙස සියලුම අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව හෙට දිනය සාමාන්‍ය පාසල් දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ පාසල් සිසුන්ගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart