November 29, 2026

මහියංගණය – මහනුවර ප්‍රධාන මාර්ගයේ හසලක, පාලම්හන්දිය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 22 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් මහියංගණය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 12 දෙනකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනකු සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.