
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යා පර්යේෂණ හැකියාවන්හි නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වෙන් වූ මෙරට ප්‍රථම රේඩියෝ දුරේක්ෂය කොළඹ විශ්වවිද්‍යාලයේදී අද සවි කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ උපන් කීර්තිමත් තාරකා ජීව විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් යුත් වැඩපිළිවෙළකට අනුව එක්සත් රාජධානියේ ටැන්ලෝ පදනම විසින් මෙම දුරේක්ෂය කොළඹ විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර ඇත. මෙය ඉතාලියේ PrimaLuceLab සමාගම විසින් නිෂ්පාදනය කර තිබේ.
මීටර් පහක විෂ්කම්භයකින් යුත් ඇන්ටෙනා තැටියකින් සමන්විත මෙම දුරේක්ෂය මෙගාහර්ට්ස් 1,420 ක හයිඩ්රජන් රේඛා සංඛ්‍යාතය යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ හරහා රේඩියෝ තරංග භාවිතයෙන් තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ සිදු කිරීමට අවස්ථාව සැලසේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ජනක අඩස්සූරිය සඳහන් කළේ, දුරේක්ෂය ස්ථාපිත කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමට ඉතාලි තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි. මෙම දුරේක්ෂය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය අසල සවි කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
එම පරිත්යාගයේම කොටසක් ලෙස, මීටර් තුනක ද්විත්ව දුරේක්ෂ නිරීක්ෂණාගාරයක් දෙසැම්බර් 2 වැනි දින හම්බන්තොට පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යා ආයතනයේදී ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
කොළඹ නගරයේ පවතින අධික ආලෝක දූෂණය තාරකා විද්‍යාත්මක නිරීක්ෂණවලට බාධාවක් විය හැකි බැවින්, එම නිරීක්ෂණාගාරය කොළඹ වෙනුවට හම්බන්තොට ස්ථාපිත කිරීමට පියවර ගත් බව ආචාර්ය අඩස්සූරිය පැහැදිලි කළේය.
මෙම පහසුකම් දෙක මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ රේඩියෝ සහ දෘශ්‍ය තාරකා විද්‍යා හැකියාවන් පුළුල් කරන අතරම, තාරකා විද්‍යා පර්යේෂණ හා අධ්‍යාපනය සඳහා නව අවස්ථා රැසක් උදා කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart