November 26, 2026

සිය පාසල් මිතුරාගේ නිවසට පැමිණ ඔහුගේ 11 හැවිරිදි පිරිමි දරුවාට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ 45 හැවිරිදි විත්තිකරුවකුට කුරුණෑගල පූර්වගාමි මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් නියම කර ඇත.

සමරආරච්චිගේ දොන් විජිත නැමැති එම විත්තිකරුට රුපියල් 50,000ක දඩයක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා වින්දිත දරුවාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කර තිබේ.

එහි වන්දිය හා දඩය නොගෙවන්නේ නම් වසර 1 1/2ක අමතර ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර වැඩිදුරටත් නියෝග කර ඇත.

එම විත්තිකරු ඊට පෙර අවස්ථා කීපයකදීම රූපවාහිනිය නරඹමින් සිටියදී වින්දිත දරුවාගේ පුරුෂ ලිංගය ස්පර්ශ කර ඇති බව සාක්ෂි විභාගයේදී අනාවරණය වී තිබේ.