
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති ධූරයේ තවත් වරක් කටයුතු කිරීමට තමාට විශ්වාසයක් ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන සමයෙන් පසු විදේශ රටවල් සමඟ යහපත් සබඳතා පවත්වමින් රටට වාසිදායක ගිවිසුම් ගණනාවකට එළැඹි “මුළු ලෝකයම දිනූ” එකම පාලනය තම යහපාලන ආණ්ඩුව බව ඔහු අවධාරණය කර ඇත.
ටීවී දෙරණ නාලිකාවේ “360” වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර තිබේ.
”දැනට ව්‍යාපාරිකයන් සතුටු නැහැ, රාජ්‍ය සේවකයන් සතුටු නැහැ. ධීවරයන් හෝ මහජනතාව සතුටු වන්නේ නැහැ. වර්තමානයේ පාසල් තුළ මත්ද්‍රව්‍ය උවදුර ඉතා දරුණුයි. මෙම ගැටළු වලට එරෙහිව සටන් කිරීම සඳහා වඩාත් ඵලදායී පියවරයන් අවශ්‍යයි. අපිට ඒක කරන්න පුළුවන්. පක්ෂයක් විදියට අපි ළඟ ඒවාට විසඳුම් තියෙනවා. වරක් ජනාධිපති ධූරයේ කටයුතු කළ අයෙක් ලෙස පෙර අත්දැකීම් සමඟ නැවත එම ධූරය දැරීමට මට අපහසුවක් නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart