November 24, 2026

බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේදී මද්දකට හසුවී සිටියදී බේරාගත් කොටියකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේදී සිදුකළ සැත්කමකින් පසු මේ වන විට සුවය ලබමින් සිටියි.

වනජීවී නිලධාරීන් විසින් මුදාගන්නා ලද මෙම සත්ත්වයා ප්‍රතිකාර සඳහා එම පශු වෛද්‍ය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම සැත්කමට භාජනය කර තිබේ.

පශු වෛද්‍ය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රන්දෙණිගල වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් එක්ව මෙම සැත්කම සිදුකර ඇත.

සැත්කමින් පසු දිවියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව පශු වෛද්‍යවරු තහවුරු කරති.