
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2008 වසරේදී එරාවූර් පොලිස් වසම තුළ පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) හිටපු සාමාජිකයන් අටදෙනකුට මඩකලපුව මහාධිකරණය විසින් අද (නොවැම්බර් 19) මරණ දඬුවම නියම කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි නවවැනි විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් නියෝග කළේය.
2008 වසරේ ජුනි 19 වැනි දින, පක්ෂයේ චෙන්කලාඩි කඳවුරේ රැඳී සිටි EPDP සාමාජිකයන් පිරිසක් විසින් දේවදාස් සුරේෂ් කුමාර් නැමැත්තා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර, මළසිරුර වළදමා, එම ස්ථානයේ කෙසෙල් පැළයක් රෝපණය කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය විය.
සිදුකළ විමර්ශනවලින් අනතුරුව එරාවූර් පොලිසිය විසින් EPDP සාමාජිකයන් නවදෙනකු අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබිණි.
මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් පසු, නඩු විභාගය සඳහා 2016 වසරේදී මෙම නඩුව මඩකලපුව මහාධිකරණය වෙත යොමුකෙරිණි.
පැහැරගැනීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන වෑන් රථය ද සොයාගැනුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, විත්තිකරුවන් අටදෙනකු වරදකරුවන් බවට තීන්දු කළ මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart