November 17, 2026

වසරේ වඩාත් සුවිශේෂී උල්කාපාත වර්ෂාව ලෙස සැලකෙන ලියොනිඩ් (Leonid) උල්කාපාත වර්ෂාව අද (17) රාත්‍රියේ ශ්‍රී ලංකාවට දිස්වනු ඇති බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පැවසීය.

නැගෙනහිර අහසේ මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කළ හැකි බවත්, ඒ ආසන්නයේ අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක ද දිස්වන බවත් ඔහු සඳහන් කළේය.

මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම අවස්ථාව හෙට අලුයම් කාලයේදී උදාවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.