
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු චීන මුහුද තුළ ඉහළ යමින් පවතින චීනයේ බලපෑමට මුහුණ දීම සඳහා, දෙරට අතර යුදමය සහයෝගීතාව සහ සාගර ආරක්ෂාව තර කිරීමේ අරමුණින් පිලිපීනය සහ ඕස්ට්‍රේලියාව නව ආරක්ෂක සම්මුතියකට එළඹ තිබේ.
ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් ‘ඕස්ට්‍රේලියා-පිලිපීන ආරක්ෂක සහයෝගීතා ගිවිසුම’ අත්සන් තැබුණු අතර, දෙරටේ ආරක්ෂක සබඳතා නව මට්ටමකට ඔසවා තැබීම මෙහි මූලික ඉලක්කයයි.
මීට පෙර දෙරට අතර පැවති ආරක්ෂක අවබෝධතා ගිවිසුම තවදුරටත් ශක්තිමත් කරමින් සකස් කළ මෙම නව රාමුව ඔස්සේ ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කෙරෙන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි. සමුද්‍රීය නිරීක්ෂණ හා මෙහෙයුම් පුළුල් කිරීම, බුද්ධි හා තොරතුරු හුවමාරුව, උපායමාර්ගික සාකච්ඡා, ඒකාබද්ධ පුහුණුවීම්, හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂක යටිතල පහසුකම් ගොඩනැංවීම යන අංශ මෙමගින් ආවරණය වේ.
මේ අතර, සිය ‘අග්නිදිග ආසියානු සමුද්‍රීය හවුල්කාරිත්ව’ වැඩසටහන සඳහා නව මූල්‍ය ආයෝජනයක් සිදු කරන බව ද ඕස්ට්‍රේලියාව ප්‍රකාශයට පත් කළේය.
කලාපීය මිතුරු රටවල් සමඟ එක්ව පොදු සාගරික අභියෝග ජය ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මෙමගින් සිදු කෙරේ. ඒ යටතේ, කලාපීය හවුල්කරුවන් වෙත ගුවන් සහ සාගර ඩ්‍රෝන යානා, අධි ආරක්ෂිත සන්නිවේදන පද්ධති සහ ඒවා හැසිරවීමේ පුහුණුව ලබා දීමට නියමිත අතර, එමගින් සමුද්‍රීය ආරක්ෂාව මෙන්ම සයිබර් ආරක්ෂාව ද ඉහළ නැංවෙනු ඇත.
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් ප්‍රකාශ කළේ සෑම රටකම ස්වෛරීභාවයට ගරු කරන, ජාත්‍යන්තර නීතිය රජයන සහ ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට නිදහස ඇති කලාපයක් ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාව බවයි.
පිලිපීනය සහ සෙසු කලාපීය හවුල්කරුවන් සමඟ එක්ව, සාමකාමී සහ ස්ථාවර කලාපයකට අත්‍යවශ්‍ය වන සමුද්‍රීය ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පියවර ගනිමින් සිටින බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart