
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරදඩුවම් විදින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට නැවත සිවුරු පෙරවීම කළයුතු ආකාරය පිළිබඳව සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමියන් යොමුකළ ලිපිය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට යැවූ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ උපදෙස් ඊයේ (11) පස්වරුව දක්වා ලැබී නොතිබුණු බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න ‘ලංකාදීප’යට පවසා ඇත.
එම වාර්තාවට අනුව, ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට නැවත සිවුරු පෙරවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නිර්දේශ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම උපදෙස් ලැබුණු වාහාම ඉත්තෑපාන ධම්මාලංකාර මහානායකහිමියන්ට දැනුම්දීමට බලාපොරොත්තු වන බවත් සේනක පල්ලෙතැන්න සඳහන් කර තිබේ.
සිරදඩුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට නැවත සිවුරු පෙරවීම ධර්ම විනයානුකූලව කටයුතු කළයුතු බවත් ඒ සඳහා තමන්වහන්සේ ඇතුළු දස නමකගෙන් සමන්විත සංඝසභා නියෝජිත පිරිසක් බන්ධනාගාරයට පැමිණීමට සූදානමින් සිටින බවත් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත.
ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස ද මහානායක හිමියෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී තිබේ.
සිදඩුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත්කර අධිකරණයට ගෙනයෑමේ සිද්ධිය පසුගිය සති කීපයේ මෙරට වඩාත් ආන්දෝලනාත්මක සිද්ධියක් බව පත්වූ අතර, ඒ අනුව අධිකරණ අමාත්‍යංශය නව නීති ඉදිරිපත් කර බන්ධනාගාරගත වන ස්වාමීන්වහන්සේ සිවුරෙන් අධිකරණවලට ගෙනඒමට කටයුතු කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාට වැරදිකරු වී වසර 6 ක සිරදඩුවමක් නියමව සිටි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ 2019 වසරේ මැයි මස 23 වැනිදා දින පූර්ණ සමාව පිරිනැමීය.
ඥානසාර භික්ෂුව එදින සිට නිදහස ලබා සිටි අතර, කෙසේවෙතත් එම ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුකර තිබූ පෙත්සන් දෙකක් සළකා බැලීමෙන් පසුගිය සැප්තැම්බර් මස 10 වැනිදා එම ජනාධිපති සමාව අවලංගු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart