
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා විදුලිබල හා බලශක්ති ඇමැති ධුරය දරන සමයේ ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ විදේශීය සමාගමක දේශීය නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශගත කළා යැයි කී චන්ද්‍රිකාවක සිදුවීම අතර ඇති අන්තර් සම්බන්ධය කුමක්දැයි සොයාබැලීම අතිශය වැදගත් බව හිටපු ඇමැති පාඨලී චම්පික රණවක අවධාරණය කළේය.
හිටපු ඇමැතිවරයා මේ බව අවධාරණය කළේ මෙරටට ගල්අඟුරු ආනයනය සහ ඊට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. මේ කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගය.
අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.
ගල්අඟුරු ආනයනය කිරීමේ 16 සහ 17 නැව් වාර සම්බන්ධයෙන් මතු වී තිබූ ගැටලුවක් සම්බන්ධයෙන් සාක්ෂි දීමට දෙවැනි වරටත් හිටපු ඇමැතිවරයා කොමිසම පසුගියදා හමුවට කැඳවා තිබිණි.
මේ සම්බන්ධයෙන් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ලංකා නැව් සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ කාංචන රත්වත්තේ කරුණු රැසක් සඳහන් කර තිබූ අතර, එහිදී ඔහු පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට සහ එවකට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩුට චෝදනා කර තිබිණි.
2012 ජූනි 28දා පැවැත්වූ ලංකා ගල්අඟුරු සමාගමේ 20 වැනි අධ්යක්ෂ මණ්ඩල සැසිවාරයේ වාර්තා පරීක්ෂා කර නීතිඥ කාංචන රත්වත්තේ ගල්අඟුරු මෙ.ටො. 85,891ක් විකිණීමේ තීරණයක් සම්බන්ධයෙන් සාක්ෂි දී තිබූ අතර, මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික ඇමැතිවරයා පැවසුවේ ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා සහ නිලධාරීන් මේ ගැටලු විසඳා ගතයුතු බවත්, තමා ඇමැතිවරයා ලෙස ගන්නේ ප්‍රතිපත්තිමය තීරණ පමණක් බවත්ය.
ගල්අඟුරු ආනයන සහ ගනුදෙනු පිළිබඳ පරීක්ෂා කළ විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි කැඳවීම පසුගිය 4 දා අවසන් කෙරිණි.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart