
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහනයක් මිල දී ගැනීමට හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කරුණු තහවුරු කිරීමට නොහැකි වීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක නියෝග කළේය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය සහ තවත් පුද්ගලයන් දෙදෙනකු අද (03) පස්වරුවේ මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කෙරිණි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මණ්ඩලය දීර්ඝ ලෙස කරුණු දක්වනු ලැබීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකාරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවත්, සැකකාරියගේ වැටුප රුපියල් 140,000/-ක් වන අතර මෝටර් රථයේ කල්බදු වාරිකය රුපියල් 132,000/-ක් වන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාරිය ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා සිකුරාදා දින සිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සැකකාරිය වෙනුවෙන් සාරංග වාදසිංහ, සමීර මීකඳවත්ත, කසුන් නානායක්කාර, උදීෂා වීරරත්න, දිනේෂ් ගමගේ ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනීසිටියහ.
කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන වරුණි බෝගහවත්ත සතු හොන්ඩා වීසල් (Honda Vezel) වර්ගයේ මෝටර් රථය, ඉකුත් දා පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිය භාරයට ගනු ලැබීය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart