November 2, 2026

ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට ලිට්‍රෝ සමාගම විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

පහතින් දැක්වෙන්නේ එම අනතුරු ඇඟවීමේ නිවේදනයයි.

‘ලිට්‍රෝ ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යෑම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අයකිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම් දෙනු ලැබේ.

මෙම උපදෙස් නොසලකා හරින නියෝජිතයන් සඳහා විනය ක්‍රියාමාර්ග ගනු ලබන අතර, අවශ්‍ය නම් ලිට්රෝ අලෙවි නියෝජිතභාවය අහෝසි කිරීමද සිදු කෙරෙන බව කාරුණිකව දන්වා සිටිමු.

– ලිට්රෝ ගෑස් ලංකා සමාගම’